4 පන්තියේ ඉගෙනුම ලැබූ දැරියට අකටයුතුකම් කළ එළවළු වෙළෙන්දා 15 වසරකට හිරගෙට ගිය හැටි

09 හැවිරිදි බාලවයස්කාරිණියකට ටොෆි – චොක්ලට් ලබා දී රවටා ගෙන බරපතළ ලිංගික අපයෝජනය කිරීම හා නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවලට වැරදිකරුවෙකු වූ 59 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත ව වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අදාළ තීන්දුව ලබා දෙනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මීට අමතර ව එකී චෝදනා ද්විත්වයට වෙන් වෙන් වශයෙන් විත්තිකරුට රුපියල් 29,000ක දඩයක් ගෙවීමට ද නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම්; වසරක ලිහිල් සිර දඬුවමක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ද එය ද නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඬුවමක් ද පනවන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

මෙකී සියලු සිරදඬුවම් වෙන් වෙන් වශයෙන් ලබාදීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

එවකට 44 හැවිරිදි වියෙහි පසු වූ අදාළ විත්තිකරු කොළඹ තදාසන්න ප්‍රදේශයේ පිහිටි මහල් සංකීර්ණයක් ආසන්නයේ කරත්තයකින් එළවළු වෙළෙඳාමේ නිරත වූ අයෙක් බවත් දැරිය කුඩා අවධියේ දී සිදුවීම සිදු වීමට සති දෙකකට පමණ පෙර සිට ම මෙම අපරාධය සූක්ෂ්ම අයුරින් සැලසුම් කර ඇති බව ද විනිසුරුවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

සිද්ධිය සිදු වූ දිනයේ දී වින්දිත දැරිය පාසල නිම වී සිය මිතුර මිතුරියන් සමග අසල ක්‍රීඩාංගණයක සෙල්ලම් කළ පසුව, ඇයගේ මිතුරු – මිතුරියන් නිවෙස් වෙත ගිය පසුව සැකකරු චොක්ලට් එකක් ලබා දී දැරිය රවටා පාළු ස්ථානයකට ගෙන ගොස් අමානුෂික ලිංගික හිංසනය සිදු කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මෙය සැලසුම්සහගත ක්‍රියාවක් බවත් විත්තිකරු පවසා ඇත්තේ එම දැරියගේ නිවස අසල පදිංචි කාන්තාවක් එළවළු මිල දී ගැනීමේ දී ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව ඇය විසින් තමා හට ප්‍රහාරයක් එල්ල කරන ලද බවත් එම පහර දීමට පලි ගැනීමක් ලෙස මෙලෙස අභූත චෝදනාවක් ගොතා ඇති බවයි.

නමුත් අධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ වෙනත් කාන්තාවක් සමග ඇති කරගත් බහින්බස් වීමක් මීට අදාළ නොවන බවත්,
මවකට තම දරුවා වටිනා බැවින් මෙවැනි කුඩා දරුවෙකු එවැනි සිද්ධියකට ඈදා ගැනීමට කිසිදු ඉඩක් නැති බවත් සඳහන් කරමින් විත්ති වාචිකය ප්‍රතික්ෂේප කළා.

දැරිය දුන් සාක්ෂිය මෙන් ම අධිකරණ වෛද්‍යවරයා දුන් සාක්ෂි සහ වාර්තා මනාව ගැලපීම හේතුවෙන් අදාළ දඬුවම් ලබාදීමට තීරණය කරන බවත් මාරසිංහ මහතා කියා සිටියා.

එමෙන්ම පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියේ මෙවැනි අපරාධ වැළැක්වීමට දැඩි දඬුවම් පමුණුවාලිය යුතු බවයි.

මෙම සිද්ධියට මුහුණ පෑ දැරිය මේ වනවිට නව යොවුන් තරුණියක් බවත් ඇයගේ ප්‍රකාශය සලකා බැලීමේ දී ඇය අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ සිදුවීමෙන් පසු ව සිට මේ දක්වා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් අධිකරණ ක්‍රියාවලිය තුළ ගත හැකි උපරිම දඬුවම් ලබා දීම සිදු කරන ලෙසයි.

සියලු කරුණු සලකා බලමින් අධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56