4 පන්තියේ ඉගෙනුම ලැබූ දැරියට අකටයුතුකම් කළ එළවළු වෙළෙන්දා 15 වසරකට හිරගෙට ගිය හැටි

09 හැවිරිදි බාලවයස්කාරිණියකට ටොෆි – චොක්ලට් ලබා දී රවටා ගෙන බරපතළ ලිංගික අපයෝජනය කිරීම හා නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවලට වැරදිකරුවෙකු වූ 59 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත ව වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අදාළ තීන්දුව ලබා දෙනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මීට අමතර ව එකී චෝදනා ද්විත්වයට වෙන් වෙන් වශයෙන් විත්තිකරුට රුපියල් 29,000ක දඩයක් ගෙවීමට ද නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම්; වසරක ලිහිල් සිර දඬුවමක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ද එය ද නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඬුවමක් ද පනවන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

මෙකී සියලු සිරදඬුවම් වෙන් වෙන් වශයෙන් ලබාදීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

එවකට 44 හැවිරිදි වියෙහි පසු වූ අදාළ විත්තිකරු කොළඹ තදාසන්න ප්‍රදේශයේ පිහිටි මහල් සංකීර්ණයක් ආසන්නයේ කරත්තයකින් එළවළු වෙළෙඳාමේ නිරත වූ අයෙක් බවත් දැරිය කුඩා අවධියේ දී සිදුවීම සිදු වීමට සති දෙකකට පමණ පෙර සිට ම මෙම අපරාධය සූක්ෂ්ම අයුරින් සැලසුම් කර ඇති බව ද විනිසුරුවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

සිද්ධිය සිදු වූ දිනයේ දී වින්දිත දැරිය පාසල නිම වී සිය මිතුර මිතුරියන් සමග අසල ක්‍රීඩාංගණයක සෙල්ලම් කළ පසුව, ඇයගේ මිතුරු – මිතුරියන් නිවෙස් වෙත ගිය පසුව සැකකරු චොක්ලට් එකක් ලබා දී දැරිය රවටා පාළු ස්ථානයකට ගෙන ගොස් අමානුෂික ලිංගික හිංසනය සිදු කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මෙය සැලසුම්සහගත ක්‍රියාවක් බවත් විත්තිකරු පවසා ඇත්තේ එම දැරියගේ නිවස අසල පදිංචි කාන්තාවක් එළවළු මිල දී ගැනීමේ දී ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව ඇය විසින් තමා හට ප්‍රහාරයක් එල්ල කරන ලද බවත් එම පහර දීමට පලි ගැනීමක් ලෙස මෙලෙස අභූත චෝදනාවක් ගොතා ඇති බවයි.

නමුත් අධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ වෙනත් කාන්තාවක් සමග ඇති කරගත් බහින්බස් වීමක් මීට අදාළ නොවන බවත්,
මවකට තම දරුවා වටිනා බැවින් මෙවැනි කුඩා දරුවෙකු එවැනි සිද්ධියකට ඈදා ගැනීමට කිසිදු ඉඩක් නැති බවත් සඳහන් කරමින් විත්ති වාචිකය ප්‍රතික්ෂේප කළා.

දැරිය දුන් සාක්ෂිය මෙන් ම අධිකරණ වෛද්‍යවරයා දුන් සාක්ෂි සහ වාර්තා මනාව ගැලපීම හේතුවෙන් අදාළ දඬුවම් ලබාදීමට තීරණය කරන බවත් මාරසිංහ මහතා කියා සිටියා.

එමෙන්ම පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියේ මෙවැනි අපරාධ වැළැක්වීමට දැඩි දඬුවම් පමුණුවාලිය යුතු බවයි.

මෙම සිද්ධියට මුහුණ පෑ දැරිය මේ වනවිට නව යොවුන් තරුණියක් බවත් ඇයගේ ප්‍රකාශය සලකා බැලීමේ දී ඇය අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ සිදුවීමෙන් පසු ව සිට මේ දක්වා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් අධිකරණ ක්‍රියාවලිය තුළ ගත හැකි උපරිම දඬුවම් ලබා දීම සිදු කරන ලෙසයි.

සියලු කරුණු සලකා බලමින් අධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?