යෝෂිතගේ හෙංචයියන් ගැන විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

කොළඹ 02, උද්‍යාන පාරේ (පාක් වීදියේ) පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකුට යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් විසින් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොමිපඤ්ඤවීදිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් අද (24) පැවසුවා.

ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැනුම්දීමට නඩුව ඉදිරි දිනක කැඳවන මෙන් ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගත් බවත් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවත් කී පොලීසිය සැකකරුවන් කිහිපදෙනෙකු අනාවරණය කරගෙන ඇති බවත් පැවසුවා.

සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදු කර අධිකරණයට දැනුම්දෙන ලෙස නියෝග කළ අතර එතෙක් නඩුව බහා තබන ලෙස රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56