ගුවන් හමුදා K8 ජෙට් යානයේ අනතුරට හේතුව නියමුවන්ගේ අත්වැරදීමක්

වාරියපොළ දී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මඟින් තහවුරු වී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ පුහුණුවීම් අතර තුර ඇති වූ නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් මෙම ගුවන් අනතුර සිදුව ඇති බවයි.

මෙම ගුවන් අනතුට සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ඊයේ (23) එක් වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ, වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටීමෙන් පසුගිය 21 වනදා මෙම අනතුර සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
3
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00