Empty Ad
AFC Banner
Empty Ad

වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 27ක් – 22ක් මරුට

2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීම්වලින් සංවිධානාත්මක වෙඩි තැබීම් 18ක් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

වෙනත් හේතූන් මත වෙඩි තැබීමේ සිද්ධීන් 09ක් ද වාර්තාවන බවයි එම කොට්ඨාසය පැවසුවේ.

මෙම වෙඩි තැබීමවලින් පුද්ගලයින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතරින් සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් 19 දෙනෙක් මියගොස් තිබෙනවා.

අනෙක් මරණ 03 වාර්තා වන්නේ වෙනත් හේතූන් මත සිදුකළ වෙඩි තැබීම්වලින් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ තැබීමේ සිද්ධීන් විසිහතෙන් පුද්ගලයින් 13 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් 13 දෙනෙකු සහ වෙනත් හේතූන් මත සිදුකළ වෙඩි තැබීම්වලින් 05 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

මේ අතර පොලිසිය සඳහන් කළේ ගල්කිස්ස, අම්බලන්තොට, ගාල්ල, වැලිගම,අහුංගල්ල, දෙවිනුවර, දොඩංගොඩ, මන්නාරම, කොටහේන, මිනුවන්ගොඩ, මිද්දෙණිය, ජාඇල, ග්‍රෑන්ඩ්පාස්, ගම්පහ, වැලිවේරිය, මිදිගම, අම්බලන්ගොඩ, දෙවුන්දර යන ප්‍රදේශවල මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීමවලින් ආසන්නතම සිද්ධිය පෙරේදා රාත්‍රියේ දෙවුන්දර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එම වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙක් මියගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?