වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 27ක් – 22ක් මරුට

2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීම්වලින් සංවිධානාත්මක වෙඩි තැබීම් 18ක් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

වෙනත් හේතූන් මත වෙඩි තැබීමේ සිද්ධීන් 09ක් ද වාර්තාවන බවයි එම කොට්ඨාසය පැවසුවේ.

මෙම වෙඩි තැබීමවලින් පුද්ගලයින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතරින් සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් 19 දෙනෙක් මියගොස් තිබෙනවා.

අනෙක් මරණ 03 වාර්තා වන්නේ වෙනත් හේතූන් මත සිදුකළ වෙඩි තැබීම්වලින් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ තැබීමේ සිද්ධීන් විසිහතෙන් පුද්ගලයින් 13 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් 13 දෙනෙකු සහ වෙනත් හේතූන් මත සිදුකළ වෙඩි තැබීම්වලින් 05 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

මේ අතර පොලිසිය සඳහන් කළේ ගල්කිස්ස, අම්බලන්තොට, ගාල්ල, වැලිගම,අහුංගල්ල, දෙවිනුවර, දොඩංගොඩ, මන්නාරම, කොටහේන, මිනුවන්ගොඩ, මිද්දෙණිය, ජාඇල, ග්‍රෑන්ඩ්පාස්, ගම්පහ, වැලිවේරිය, මිදිගම, අම්බලන්ගොඩ, දෙවුන්දර යන ප්‍රදේශවල මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීමවලින් ආසන්නතම සිද්ධිය පෙරේදා රාත්‍රියේ දෙවුන්දර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එම වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙක් මියගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47