බොලිවුඩ් නළු සුෂාන්ත් සිංගේ මරණයේ නඩුව වසා දැමීමේ තීරණයක්

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත් අභිරහස් ලෙස මියයාමේ නඩුව වසා දැමීමේ වාර්තාවක් ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

විමර්ශන අරඹා වසර හතරකට වැඩි කාලයක් ගත වී ඇති පසුබිමක ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් මෙම නඩුව වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වූ කරුණු මත, ඔහුට සියදිවි නසා ගැනීමට අනුබල දීමක් ඔ පෙළඹවීමක් සිදුව නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුවයි මෙම නඩු කටයුත්ත වසා දැමීමට වාර්තාවක් ගොනුකර ඇත්තේ.

34 හැවිරිදි සුෂාන්ත් සිං රාජ්පුත් 2020 ජුනි 14 වන දින මුම්බායි හි බන්ඩ්‍රා හි ඔහුගේ මහල් නිවාසයේ එල්ලී සිටිය දී සොයාගත් අතර, එහිදී චෝදනා කර සිටියේ ඔහුට සියදිවි නසා ගැනීමට පෙළඹවීමක් සිදුකර ඇති බවයි.

සුෂාන්ත් රාජ්පුත්ගේ පියා විසින් සුෂාන්ත්ගේ එවකට පෙම්වතිය වන නිළි රියා චක්‍රබෝර්තිට සහ ඇයගේ පවුලට එරෙහිව 2020 අගෝස්තු මාසයේදී නඩුවක් ගොනු කළේ තම පුත්‍රයාගේ මරණයට ඔවුන් වගකිව යුතු බව පවසමින්.

කෙසේ වෙතත් සුෂාන්ත් රාජ්පුත් සියදිවි නසා ගැනීමට රියා චක්‍රබෝර්ති සහ ඇගේ පවුලේ අය සම්බන්ධ කිසිඳු සාක්ෂියක් හමු නොවූ බවයි ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය සඳහන් කළේ.

ඒ, අනුව රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා ඇතුළු නඩුවේ ගොනු කර ඇති පෙත්සම් දෙකෙහි නම් කර ඇති සියලු දෙනා නිදහස් කළ බව ද එම කාර්යාංශය පවසනවා.

එමෙන්ම ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රකාශ කර තිබුණේ සුෂාන්ත් රාජ්පුත් ඝාතනය කර නොමැති බවත් එය සියදිවි නසාගැනීමෙන් සිදු වූ මරණයක් බවයි.

මෙම නඩුව වසා දැමීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, බන්ද්‍රා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊළඟ නඩු විභාගය අප්‍රේල් 8 වන දින කැඳවීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38