කඩා වැටුණු ජෙට් යානයෙන් පැන්න පුහුණු උපදේශකවරයා විදුලි රැහැනක ගැටිලා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටීමෙන් අද (21) පෙරවරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් යානය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ අතර, එහි සිටි නියමුවන් දෙදෙනා ජීවිත බේරාගැනීමට සමත් වුණා.

ඒ, අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා විසින් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉන් ඉවත් වී තිබීම හේතුවෙන්.

එලෙස පැරෂුට් ආධාරයෙන් යානයෙන් පිටතට පැන තිබූ නියමුවන් දෙදෙනා මිනුවන්ගැටේ ප්‍රදේශය ආසන්නයේ පිහිටි අවුලේගම, සුන්දරගම විද්‍යාලය අසලට ගොඩබැස තිබුණා.

එලෙස ගොඩබැසීමේ දී ප්‍රධාන පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කළ නියමුවා විදුලි රැහැනක ගැටී ඇති අතර එහිදී ඔහුට තුවාල සිදුව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් සුවසැරිය ගිලන් රථයකින් නියමුවන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

යානය පුහුණු පියාසැරියක් සඳහා අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් ගුවන්ගත කර ඇති අතර, එය අනතුරට ලක්ව ඇත්තේ උදෑසන 7.55ට පමණයි.

  1. ඒක වෙන්න ඇති පුහුනුව. යානය කඩා වැටෙන කොට පැරිෂුට් එක ආධාරයෙන් ජීවිතය බේරා ගැනීම..
    සාර්ථක පුහුණුවක්..පුහුණු කරුට වහාම උසස් වීමක් ලබා දීම සුදුසුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39