Empty Ad
AFC Banner
Empty Ad

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය විමසීම අද (වීඩියෝ)

අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද (21) පැවැත්වෙනවා.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත ව ඇත්තේ අද පස්වරු 06න් පසුවයි.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25 වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා.

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණා.

විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?