අමෙරිකානු ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරියගේ ප්‍රකාශ ගැන බංග්ලාදේශයෙන් තරවටුවක්

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරිය වන තුල්සි ගැබාර්ඩ් දකුණු ආසියාවේ පවතින ආගමික ප්‍රචණ්ඩත්වය ගැන දක්වා ඇති ප්‍රකාශ පදනම් විරහිත බවට බංග්ලාදේශය චෝදනා කරනවා.

එම ප්‍රකාශ මගින් විවිධ ආගමික නිකායික ආතතීන් අවුළුවාලීමේ අවදානමක් ඇති බවයි බංග්ලාදේශය චෝදනා කරන්නේ.

2024 දී ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද සිවිල් අරගලය හේතුවෙන් බංග්ලාදේශ රජය පෙරලා දැමීමෙන් පසු එරට සමඟ සබඳතා ඉන්දියාවේ ද පළුඳු වී තිබෙනවා.

එවන් අවස්ථාවක අමෙරිකානු බුද්ධි අංශයේ අධ්‍යක්ෂිවරිය ඉන්දියාවට පැමිණ සිදු කරන ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික විරෝධතා පිළිගත නොහැකි බවයි බංග්ලාදේශය චෝදනා කරන්නේ.

ඉන්දීය රජය විසින් බංග්ලාදේශයට මීට පෙර චෝදනා කර ඇත්තේ බංග්ලාදේශයේ සිටින සුළුතරයක් වන හින්දු පුරවැසියන් ආරක්ෂා කරගැනීමට කිසිදු පියවරක් ප්‍රමාණවත් පරිදි නොගත් බවයි.

මෙම සියලු ආගමික ගැටුම් ඇතිකරලිය හැකි ප්‍රකාශ අමෙරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂවරි‍ය වන ගැබාර්ඩ් ඊයේ (17) ඉන්දියානු ගුවන් විදුලි නාලිකාවක් වන NDTV සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබෙනවා.

ඉස්ලාමීය අන්තවාදය සමඟ මෙම ගැටලුව “කනස්සල්ලට ලක්විය යුතු කේන්ද්‍රීය ක්ෂේත්‍ර” ලෙස පවතින බවත් ට්‍රම්ප් පරිපාලනය දැනටමත් ඒවා බංග්ලාදේශ රජයට ඉදිරිපත් කර ඇති බවත් ඇය එම මාධ්‍ය සාකච්ඡාවේ දී පවසා තිබෙන බවත් සඳහන්.

එම ප්‍රකාශයට එරෙහිව බංග්ලාදේශය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූයේ ගැබාර්ඩ් මහත්මියගේ ප්‍රකාශ රටේ ප්‍රතිරූපයට සහ කීර්ති නාමයට සහ ඇතැම් පිරිස් නොමග යැවීමට හානි කරන බවයි.

මේ අතර ඉන්දියාවේ දී ඊයේ පස්වරුවේ ගැබාර්ඩ් අධ්‍යක්ෂවරිය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ව ද හමු ව තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව මෙන් ම බුද්ධි අංශ මිත්‍රත්ත්වය පුළුල් කරගැනීම ගැන ද අවධානය යොමු වුණා.

මීට අමතර ව හෙට (18) දිනයේ දී ඇය අගමැති මෝදි කළ ඇරයුමකට අනුව ඉන්දියාවේ පැවැත්වෙන ආරක්ෂක නිලධාරීන්ගේ බහුජාතික රැස්වීමක් ලෙස සැලකෙන ‘රයිසීනා සංවාදයේ’ දේශයකට ද එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03