සෞඛ්‍ය වර්ජනය ඇරඹේ – තැපෑලත් තවම වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (18) උදෑසන 7.00 සිට දිවයින පුරා සියලු රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

අයවැය මඟින් රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව ඔවුන් මෙම පැය 24ක වැඩවර්ජනය ආරම්භ කළේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (17) පැවති සාකච්ඡා අසර්ථක වීමත් සමඟයි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 07ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා එක්ව සිටිනවා.

කෙසේ වෙතත් වැඩ වර්ජනය සිදුකරන කාලය තුළ සියලුම හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සපයන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

එමෙන්ම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු රෝහල්වල හෙට දිනයේ දී මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔවුන් සඳහන් කර සිටියා.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙලෙස පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23