Empty Ad
AFC Banner
Empty Ad

ධීවර කර්මාන්තය නවීකරණය කරන බවට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කරන බවත්, ගැඹුරු මුහුදේ ධීවර කටයුතු ප්‍රවර්ධනය කරන බවත් ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (17) දින යාපනයේ – කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධතා කාර්යාලයේ දී පැවති හමුවක දීයි.

මෙම හමුවට මන්නාරම දිස්ත්‍රික් ධීවර සමූපකාර සංගමයේ සභාපති රාජා කෲස්, මන්නාරම දිස්ත්‍රික් ධීවර සමූපකාර සංගමයේ ලේකම් මොහොමඩ් ආලම් සහ උතුරු පළාත් ධීවර සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අන්නලිංගම් අන්නාරාසා යන මහත්වරුන් ද එක් වුණා.

මෙහිදී මන්නාරම දිස්ත්‍රික්කයේ තමිල්නාඩු ධීවරයින් විසින් සිදු කරන ලද අනවසර ධීවර කටයුතු හේතුවෙන් ඇති වූ බලපෑම්, ධීවර පනතට ගෙන එන ලද සංශෝධන කෙටුම්පත සහ අනවසර විදුලි රැහැන් සවිකීරීම් සහ විදුලි සැර වැදීමේ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා පැවැත්වුණා.

ඊට අමතරව, අමාත්‍යවරයා විසින් ඉන්දීය ධීවරයින්ගේ නීතිවිරෝධී ට්‍රෝලර් යාත්‍රා ක්‍රම හෙළිදරව් කරන වාර්තා චිත්‍රපටයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අශෝක රන්වලගෙන් දයාසිරි උපාධිය ඉල්ලයි - පාර්ලිමේන්තුව ඇවිලෙයි
09:29
Video thumbnail
ජගත් මනුවරණ මරික්කාර්ට හොඳට කියලා දෙයි
09:04
Video thumbnail
අපි දන්නෑ කියලද හිතන්නේ - අපි බබාලද - බිමල් හොඳටම සැර වෙයි
16:50
Video thumbnail
රෝහිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - පාර්ලිමේන්තු ආවානම් ඒ විදිහට ඉන්න වෙනවා
17:12
Video thumbnail
JVP හිටපු විමල් බටලන්ද ගැන කට අරියි - විමල් වෙච්ච හැමදේම එකක්‌ නෑර කියයි
25:37
Video thumbnail
සජබ පක්ෂ මූලස්ථානය ඇතුළටම ඇවිල්ලා මැරයෝ චමල්ට දාපු සද්දේ
07:44
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00

?