ධීවර කර්මාන්තය නවීකරණය කරන බවට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කරන බවත්, ගැඹුරු මුහුදේ ධීවර කටයුතු ප්‍රවර්ධනය කරන බවත් ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (17) දින යාපනයේ – කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධතා කාර්යාලයේ දී පැවති හමුවක දීයි.

මෙම හමුවට මන්නාරම දිස්ත්‍රික් ධීවර සමූපකාර සංගමයේ සභාපති රාජා කෲස්, මන්නාරම දිස්ත්‍රික් ධීවර සමූපකාර සංගමයේ ලේකම් මොහොමඩ් ආලම් සහ උතුරු පළාත් ධීවර සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අන්නලිංගම් අන්නාරාසා යන මහත්වරුන් ද එක් වුණා.

මෙහිදී මන්නාරම දිස්ත්‍රික්කයේ තමිල්නාඩු ධීවරයින් විසින් සිදු කරන ලද අනවසර ධීවර කටයුතු හේතුවෙන් ඇති වූ බලපෑම්, ධීවර පනතට ගෙන එන ලද සංශෝධන කෙටුම්පත සහ අනවසර විදුලි රැහැන් සවිකීරීම් සහ විදුලි සැර වැදීමේ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා පැවැත්වුණා.

ඊට අමතරව, අමාත්‍යවරයා විසින් ඉන්දීය ධීවරයින්ගේ නීතිවිරෝධී ට්‍රෝලර් යාත්‍රා ක්‍රම හෙළිදරව් කරන වාර්තා චිත්‍රපටයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම ද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56