ප්‍රංශයේ දී ශ්‍රී ලංකාවට හොඳම ඉන්දීය නර්තනයට හිමි සම්මානය (ඡායාරූප)

ප්‍රංශයේ පැරිස් නුවර දී ඊයේ (16) පැවැත්වූ ඉන්දියානු නර්තන තරගාවලියේ දී ‘හොඳම ඉන්දීය නර්ථනයට’ හිමි සම්මානයෙන් ශ්‍රී ලංකාව පිදුම් ලැබුවා.

ප්‍රංශයේ සෑම වසරක ම පවත්වන්නට යෙදෙන මෙම ඉන්දීය නර්තන තරගාවලිය ලෙස සැලකෙන “නාට්‍යම් ආත්මා” (Natyam Atma) මෙවර පැවැත්වූයේ අතිසාර්ථකව සිව් වැනි වරටයි.

එහි දී හොඳම ඉන්දියානු න්ර්තන අංශය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් තිදෙනෙකුගෙන් ‍යුක්ත ‘ත්‍රිබංග’ නමැති කණ්ඩායමට හැකි වුණා.

එම නර්තන කණ්ඩායමේ නර්තනවේදීන් ලෙස ඉදිරිපත් වූයේ කෞෂාල් රණසිංහ, කවිඳු ගයන්ත සහ ප්‍රදීප් උදය යි.

කෞෂාල් රණසිංහ මීට පෙර ද ප්‍රංශ – ඉන්දියානු නර්තන නිෂ්පාදනයක වන ‘සාකුන්තලා’ බැලේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන දුෂෙයින්ගේ චරිතයට පණ පෙවීමට ද සමත් වුණා.

කවිඳු සහ ප්‍රදීප් කථක් නර්තනය සඳහා ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ විශාරද උපාධිය ලබා ඇති අය ලෙසයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කථක් නර්තන ගුරුවරියක් වන මෝක්ෂා සමරසූරිය මහත්මියගේ සිසුන් තිදෙනෙකු වන ඔවුන්ගේ මෙම තරගාවලි නර්තනයේ ඇඳුම් නිර්මාණය කර ඇත්තේ රංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පි මහේෂ් ඉන්දික මහතා යි.

WhatsApp Image 2025 03 17 at 11.28.25 1 scaled
WhatsApp Image 2025 03 17 at 11.28.25 scaled
WhatsApp Image 2025 03 17 at 11.28.26 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46