සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,663ක දී මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 474,147ක් අයදුම් කර ඇති අතර, ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් බවයි ඔහු පැවසුවේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා සුදුකම් ලබා සිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 75, 968ක්.

මේ අතර විභාගය සඳහා කල් වෙලා ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙස විභාග අපේක්ෂකයිට දැනුම් දෙන අතර, අනවශ ද්‍රව්‍ය කිසිවක් විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.

යම් විභාග අපේක්ෂකයෙක් විභාග නීති උල්ලංඝනය කළ හොත් විභාග වරදක් ලෙස සළකා උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, වසර 05ක විභාග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ද විභාග කොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර දෙවන ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි 10ක කාලයක් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ලබා දී ඇති බවත් එම කාලය ප්‍රයෝජනයට ගන්නා ලෙසත් විභාග කොමසාරිස්වරයා සියලුම අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31