අද රාත්‍රියේ ප්‍රබල අකුණු – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) පෙරවරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අද (16) පෙරවරු 3.00ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

ගිඟුරුම සහිත වැසි සමඟ ඇති විය හැකි ප්‍රබල අකුණුඅලින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?