ගම්පොල පාසලක සිසුන් පිරිසක් පහ ශ්‍රේණියේ සිසුවෙකුට ගිනි තියලා – විදුහල්පතිනිය සිද්ධිය හංගලා

පාසල් සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් ගිනි තබා බරපතළ තුවාල සිදුකළ පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙලෙස පහ ශ්‍රේණියේම ඉගෙනුම ලබන තවත් සිසුන් තිදෙනෙක් විසින් ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පෙබරවාරි මස 13 වන දින ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් කුරුඳුවත්ත, යටපාන ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක මෙම සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධිය අදාළ පාසලේ විදුහල්පතිනිය විසින් සැඟවීමට කටයුතු කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනෙක් ඊයේ (15) කුරුඳුවත්ත පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පංති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරාගැනීමක් පාවාදීමේ සිද්ධියකය කෝපයට පත්ව අදාළ සිසුවාට තවත් සිසුන් තිදෙනෙක් විසින් ගිනි තබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර සිසුන් තිදෙනා විසින් පංති කාමරයේ දී තීන්ත භාජනයකට තිනර් දමා එයට ගිනි තබා පාවාදුන් බව කියන සිසුවාගේ ඇඟට විසිකර තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ සිසුවාගේ දෙපාවලට ගිනි ඇවිලී ඇති අතර, එහිදී ඔහු කෑ ගසමින් පංති කාමරයෙන් පිටත දිවගොස් ඇති බව සඳහන්.

එහිදී ගුරුවරියක් විසින් එම සිසුවා අල්ලාගෙන ගින්න නිවා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි සිසුවා කුරදුවත්ත රෝහලට රැගෙන ගොස් ඇති අතර, අනතුරුව ගම්පොළ ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යන ලෙසයි උපදෙස් ලැබී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 13 දින සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනිය නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන එය වසන් කර ඇති අතර, ගුරුවරුන් විසින් පවසා ඇත්තේ තීන්ත ගාමින් සිටිය දී බුදුපහන පෙරළී ඒ අසළ තිබූ ටිනර් වගයකට ගිනි ඇවිළී සිසුවා පිළිසුනු බවයි.

තුවාල ලැබූ සිසුවා දින 05ක් රෝහල් ගතව සිටි ඇති අතර, ඔහු එහිදී පොලිසියට කට උත්තරයක් ද ලබාදී තිබූ අතර ඒ පිළිබඳව පොලිසියේ වැඩි අවදානයක් දක්වා නැහැ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනගැනීමෙන් පසු සැකකාර සිසුන් තිදෙනා ඊයේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල අධිකරණය වෙත වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
14
+1
0
+1
6
+1
16
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43