Empty Ad
AFC Banner
Empty Ad

Update – ඒ.ආර්. රහ්මාන් රෝහලෙන් පිටව යයි

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව දැනුම් දෙනවා.

ඊයේ (15) රාත්‍රියේ ඔහුව ඇතුළත් කළ චෙන්නායි හි පිහිටි ඇපලෝ රෝහල විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

Update – Sunday, March 16, 2025, 2.08PM

සුප්‍රසිද්ධ ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබෙනවා.

පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ.ආර්. රහ්මාන් ඊයේ (15) රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මෙලෙස ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට අනුව, එය විජලන තත්ත්වයක් නිසා ඇතිවූවක් බවත්, ඔහු රාමසාන් උපවාසයේ ද යෙදී සිටි බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ ඔහුව ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට භාජනය කරන බවයි.

ඒ.ආර්. රහ්මාන් මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇත්තේ ලන්ඩනයේ සිට ආපසු පැමිණීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් නලයක හිලක් අද ඉඳන් රටේ ආපහු තෙල් හිඟයක් ඇතිවෙයිද ?
09:24
Video thumbnail
හිටපු ජනපති මහින්ද ගැන සංවේදී වූ පාක්ෂිකයෝ - මහින්ද මහත්තයා රජෙක් නෙවෙයි දෙවියෙක්
06:40
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00

?