Update – ඒ.ආර්. රහ්මාන් රෝහලෙන් පිටව යයි

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව දැනුම් දෙනවා.

ඊයේ (15) රාත්‍රියේ ඔහුව ඇතුළත් කළ චෙන්නායි හි පිහිටි ඇපලෝ රෝහල විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

Update – Sunday, March 16, 2025, 2.08PM

සුප්‍රසිද්ධ ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබෙනවා.

පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ.ආර්. රහ්මාන් ඊයේ (15) රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මෙලෙස ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට අනුව, එය විජලන තත්ත්වයක් නිසා ඇතිවූවක් බවත්, ඔහු රාමසාන් උපවාසයේ ද යෙදී සිටි බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ ඔහුව ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට භාජනය කරන බවයි.

ඒ.ආර්. රහ්මාන් මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇත්තේ ලන්ඩනයේ සිට ආපසු පැමිණීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55