සුරතලේට හැදූ සුනඛයා අලුත උපන් බිළිඳියව මරා දමලා

නිවසේ සුරතලයට ඇති කළ ඩච්ෂුන්ඩ් වර්ගයේ සුනඛයෙකු සපා කෑමෙන් අලුත උපන් බිළිඳෙකුට මියගිය පුවතක් රුසියාවෙන් අවර්ත වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 10 වනදා මෙම සුනඛයායා විසින් උපත ලැබූ ගැහැණු ළමයෙකු ඇගේ තොටිල්ලේ නිදා සිටිය දී සපා කා මරණයට පත්කර ඇති බවයි.

වසර 08ක පමණ කාලයක සිට මෙම සුනඛයා රුසියානු නගරයක් වන සෙවර්ස්ක් හි පදිංචි පවුලක් සමඟ හැදී වැඩි ඇති අතර , මෙම සත්වයා ඇතැම් අවස්ථාවල දී හිමිකරුවන්ට ද ආක්‍රමණශීලී ලෙස හැසිරී ඇති බවයි අනාවරණය වන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී පවුලට බිළිඳිය පැමිණි පසු මෙම සොසේජස් සුනඛයාගේ ආක්‍රමණශීලී බව වැඩි ඇති බවයි පවුලේ සාමාජිකන් පැවසුවේ.

සුනඛයාගේ මෙම තත්ත්වය තේරුම් ගත් හිමිකරුවන් ඔවුන් සත්වයාව සායන කිහිපයකට ගෙන ගොස් ඇති නමුත් සත්වයා ශාරීරිකව සම්පූර්ණයෙන්ම නිරෝගීව සිටිම නිසා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග්‍රහයේ 109 වන වගන්තියේ 1 වන කොටස යටතේ අපරාධයක සලකුණු යටතේ බාලවයස්කාර දරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් අපරාධ නඩුවක් විවෘත කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
3
+1
35
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01