පිස්තෝලයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසිද්ධ රැප් ගායක අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ‘ශාන් පුතා’ ඇතුළු සැකකරුවන් තිදෙනා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා ඊයේ (14) රාත්‍රියේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.
මීගොඩ ප්‍රදේශයේ දී මිලි මීටර 9 වර්ගයේ ගිනිඅවියක් සමඟ ශාන් පුතා නැමැත්තා ඊයේ (14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී ඔහුගේ කළමණාකරු ලෙස කටයුතු කරන පුද්ගලයා ද අත්අඩංගුවට මෙහිදී අත්අඩංගුවට ගැනුණා.
මේ අතර ශාන් පුතා නැමැත්තාට ගිනි අවිය ලබාදුන් බවට මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි අදාළ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ශාන් පුතා සන්තකයේ ඇති බවට අනාවරණය වී ඇත්තේ.
මෙම ගිනි අවිය මාතර – කොටවිල පොලිස් ස්ථානයෙන් සැකකාර කොස්තාපල්වරයා සොරාගෙන මෙලෙස ශාන් පුතාට ලබාදී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වුණේ.