Empty Ad
AFC Banner
Empty Ad

2025 මාස්ටර්ස් ලීගයේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව ගිලිහී යයි

2025 මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට තිබූ බලාපොරොත්තුව ඊයේ (14) බොඳව ගියා.

ඒ, මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම ඉදිරියේ පරාජයවීම හේතුවෙන්.

රායිපුර් හි පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ ලකුණු 06කින්.

ශ්‍රී ලංකාව සමඟ පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පගර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 179ක් රැස් කළා.

අනතුරුව ලකුණු 180ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුව තෙක් සටන අත්නොහැරි අසේල ගුණරත්න ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 66ක් රැස් කළා.

කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය අපතේ යවමින් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම මෙම තරගය ජයගෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සමඟ කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම හෙට (16) අවසන් මහා තරගයේ තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?