2025 මාස්ටර්ස් ලීගයේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව ගිලිහී යයි

2025 මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට තිබූ බලාපොරොත්තුව ඊයේ (14) බොඳව ගියා.

ඒ, මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම ඉදිරියේ පරාජයවීම හේතුවෙන්.

රායිපුර් හි පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ ලකුණු 06කින්.

ශ්‍රී ලංකාව සමඟ පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පගර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 179ක් රැස් කළා.

අනතුරුව ලකුණු 180ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුව තෙක් සටන අත්නොහැරි අසේල ගුණරත්න ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 66ක් රැස් කළා.

කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය අපතේ යවමින් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම මෙම තරගය ජයගෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සමඟ කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම හෙට (16) අවසන් මහා තරගයේ තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:55
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:19
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුර ඇඟ හිරිවැටෙන දර්ශන
05:04
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57