Empty Ad
AFC Banner
Empty Ad

දුම්වැටි නිෂ්පාදන බදු වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ පනවා ඇති නියමයට අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීමට අදාළ සවිස්තරාත්මක කරුණු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

2025.03.11 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළා.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීම, ඊට අදාළ නිශ්චිත දත්ත නොමැතිව අනුමත කළ නොහැකි බව මීට පෙර පැවති මුදල් කාරක සභා රැස්වීමේදී කාරක සභාව ප්‍රකාශ කළ අතර, ඒ අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද වැඩි කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාධාරණ දත්ත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරුණා.

ඒ, අනුව දුම්වැටිවලින් ලැබෙන නිෂ්පාදන බදු ආදායම පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයන් මගින් මෙම ගණනය කිරීමේ ක්‍රමය, රජයේ ආදායම අඩුවීමට මෙන්ම නිශ්චිත නිෂ්පාදන සමාගම්වල ලාභ වැඩි කිරීමට හේතු වන අයුරු පෙන්නුම් කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දුන්නා.

එබැවින්, මෙම බදු සංශෝධනය සත්‍ය වශයෙන්ම රජයේ ආදායම වැඩිකිරීමට හේතුවන බව සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, නිෂ්පාදන බදු වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් පැහැදිලි කිරීම් ලබා ගැනීමෙන් පසුව නැවත සලකා බැලීමට එම රැස්වීමේ දී තීරණය කළා.

ඒ, අනුව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සළකා බැලීමෙන් පසු, 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නියමයට අදාළ අනුමතිය හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?