ඉන්දියාවේ හොර ඕමාන තානාපති අත්අඩංගුවට

ඕමාන තානාපතිවරයා ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උත්තර ප්‍රදේශ්හි ගාසියාබාද්හි දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී නවීන පන්නයේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක්, හැඳුනුම්පතක් සහ ඕමාන තානාපති ලෙස නම් කළ විසිටින් කාඩ් 46ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 66 හැවිරිදි වියේ පසුවන ක්‍රිෂ්ණා ශේඛර් රානා නැමැත්තෙකු බවට ලෙස හඳුනාගෙන ඇති අතර මොහු දිල්ලියේ අමර් ජනපදයේ පදිංචිකරුවෙක් බවයි හෙළිව ඇත්තේ.

මෙම සැකකරු සත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර, විශ්‍රාම ගැනීමෙන් පසු, විත්තිකරු 2015 සිට 2018 දක්වා මධ්‍යම පරිසර අමාත්‍යාංශයේ තක්සේරු අධිකාරී ලෙස කටයුතු කට තිබෙනවා.

මෙම පුද්ගලයා තමා ඕමාන තානාපතිවරයා බවත්, ඒ අනුව තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට ගාසියාබාද් පොලිසියට ලිපියක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් එලෙස ඉදිරිපත් කරන ලද ලේඛන සැක සහිත බව සිතූ පොලිසිය ඒ පිළිබඳව සිදුකළ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු ඕමාන තානාපති ලෙස ව්‍යාජව පෙනී සිටින අයෙකු බවයි.

ඒ, අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන් සිදුකළ වංචාව පිළිබඳව පාපොච්චාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39