වෛද්‍යවරියට නොහොබිනා වැඩ කළ සැකකරුව පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරු ව පොලිස් භාරය යටතේ පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි ව තිබෙනවා.

ඒ අද (13) ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එමෙන්ම සැකකරුට නීතියෙන් සැඟවී සිටීමට ආධාර, අනුබල දෙමින් වරදට සහාය දීමේ චෝදනාවට ඊයේ රාත්‍රියේ දී ම ගල්නෑව – නිදිකුම්බායාය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු එම සැකකරුගේ සහෝදරිය සහ සහෝදරියගේ සැමියා එළඹෙන 14 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පසුගියදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට අකටයුතුකම් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා පලා ගොස් සිටියදී විශේෂ කාර්‍යය බලකාය සහ පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලින් පසුව අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරු සිදුවීම සිදුවන දිනයේ දී වෙනත් වරදකට රක්ෂිත බන්ධනාගාරගත ව සිට අධිකරණයෙන් ඇප ලැබී එය අවසන් ව නැවත නිවස කරා යන ගමනේ දී වෛද්‍යවරිය ව දුටු බව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

පසුව තමන්ට මුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමට අවශ්‍ය වූ බවත්, එම අවස්ථාවේ දී මෙම වෛද්‍යවරියව දුටු බවත්, එම පරිශ්‍රයේ ඇය හැර කිසිවෙකු නොසිටීම හේතුවෙන් තමන් නේවාසිකාගාරය වෙත ගමන් කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

කෙසේවෙතත් මෙම සිදුවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය වෘත්තික කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

එබැවින් හදිසි ප්‍රතිකාර සේවා, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල හැරුණුකොට සෙසු සියලු ම රජයේ රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර ලබාදීම් පවා ඇනහිටියා.

මේ තත්ත්වය හමුවේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත ආ ජනතාව පත් වූයේ ද දැඩි අපහසුතාවකටයි.

කෙසේවෙතත් ඊයේ පෙරවරු 10 පමණ වන විට සැකකරු අත් අඩංගුවට ගැනුණ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ අද (13) පෙරවරු 08 වන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

නමුත් අද පෙරවරු 08ට දීප ව්‍යාප්ත වර්ජනය අවසන් කෙරුණ ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වර්ජනය අඛණ්ඩ ව සිදු කිරීමට තීරණය කෙරුණ ද, බලධාරීන් සමග කළ සාකච්ඡාවෙන් පසුව ආරක්ෂාව තහවුරු කළ බැවින් එම වර්ජනය ද අත්හිටුවීමට පියවර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17