මාරක අනතුරකින් එකම පවුලේ 07ක් මරුට – තවත් 14 දෙනෙකුට තුවාල

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සිධි දිස්ත්‍රික්කයේ සිදු වූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම අද (10) පෙරවරුවේ සිදු ව ඇත්තේ ට්‍රක් රථයක් සහ එකම පවුලේ සාමාජිකයින් රැගත් කුලී රථයක් එකිනෙක ගැටීමෙන්.

කුලී රථය මයිහාර් දෙසට යමින් සිටියදී, සිධි සිට බහ්රි දක්වා ට්‍රක්රථය ගමන් කරමින් සිටියදී මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිධි – බහ්රි මාර්ගයේ උප්නි පෙට්‍රල් පොම්පය අසල දී මෙම අනතුර අලුයම 2.30ට පමණ සිදු වී ඇති බව නියෝජ්‍ය පොලිස් අධිකාරී ගයාත්‍රි තිවාරි ප්‍රකාශ කළා.

අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් හත්දෙනා ම එකම පවුලේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?