Empty Ad
AFC Banner
Empty Ad

වැඩිමහල් සොයුරාගේ පසුපැදිකරු වූ බාල සොහොයුරුට දිවි අහිමි කළ අනතුර

කටුබැද්ද – බණ්ඩාරනායක මාවතේ අසල මංසන්ධියේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) උදෑසන 06.50ට පමණ මෙම අනතුරට ලක් ව ඇත්තේ පිළියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පිළියන්දල දෙස සිට පැමිණ දකුණු පසට හැරවීමට ගිය ත්‍රීරෝද රථයේ ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු පිළියන්දල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද පසුපැදිකරු මියගොස් තිබෙනවා.

යතුරුපැදියේ ගමන් කර ඇත්තේ සුධර්මාරාමපාර, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි සහෝදරයෙන් දෙදෙනෙකු බවත් අනතුරින් මියගොස් ඇත්තේ බාල සහෝදරයා බවත් ඔහු 19 හැවිරිදි වියෙහි පසුවන්නෙක් බවත් වාර්තා වනවා.

තුවාලකරු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

මෙම අනතුරට ලක් වූ ත්‍රී රෝද රථය සහ ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොළේ අමාරු තියෙන අය අපේ පක්ෂයේ නෑ - රංජිත් ආණ්ඩුව හානිසි කරවයි
06:47
Video thumbnail
පොහොට්ටුවේ - එජාපයේ - ශ්‍රීලනිපයේ ගැන්සියක් සජබයේ අත්වැල් බැඳගනී
00:46
Video thumbnail
අපි ජනතාවගේ හදවතේ ප්‍රධාන විපක්ෂය වෙලා ඉවරයි
05:29
Video thumbnail
තව ටික දවසකින් දිලීත් සර්ව හන්ගනවා - චන්න ජයසුමන සතුටින් කිව්ව කතාව
02:33
Video thumbnail
කාලේ වැලිතලාවට යටවුණ බටලන්ද ගැනත් හොයන්න
00:10
Video thumbnail
අනුර කුමාරගේ පූට්ටුව - ළඟදිම එළියට එනවා
08:00
Video thumbnail
වැඩිමහල් සොහොයුරාගේ දෑස් ඉදිරිපිට බාල සොහොයුරු අවසන් ගමන් ගිය හැටි
04:02
Video thumbnail
සුනිල් වටගලගෙන් දේශබන්දුට Last Warning
19:03
Video thumbnail
අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඉන්න තාක්කල් අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිලකටවත් අත තියන්නේ නෑ
04:43
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ විමර්ශන ප්‍රමාද කිරීම සැක සහිතයි
04:33

?