වැඩිමහල් සොයුරාගේ පසුපැදිකරු වූ බාල සොහොයුරුට දිවි අහිමි කළ අනතුර (වීඩියෝ)

කටුබැද්ද – බණ්ඩාරනායක මාවතේ අසල මංසන්ධියේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) උදෑසන 06.50ට පමණ මෙම අනතුරට ලක් ව ඇත්තේ පිළියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පිළියන්දල දෙස සිට පැමිණ දකුණු පසට හැරවීමට ගිය ත්‍රීරෝද රථයේ ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු පිළියන්දල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද පසුපැදිකරු මියගොස් තිබෙනවා.

යතුරුපැදියේ ගමන් කර ඇත්තේ සුධර්මාරාමපාර, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි සහෝදරයෙන් දෙදෙනෙකු බවත් අනතුරින් මියගොස් ඇත්තේ බාල සහෝදරයා බවත් ඔහු 19 හැවිරිදි වියෙහි පසුවන්නෙක් බවත් වාර්තා වනවා.

තුවාලකරු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

මෙම අනතුරට ලක් වූ ත්‍රී රෝද රථය සහ ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40