කාන්තාවන්ට නිසි අවධානයක් යොමු නොවීම මත අපහසුතාවන්ට ලක්වනවා – එල්.ටී.බී දෙහිදෙණිය

කාන්තාවන් වෘත්තීයමය කටයුතුවල දී බාධාවන්ට මුහුණදෙන බවත්, ඔවුන්ට නිසි අවධානයක් යොමු නොවීම මත අපහසුතාවට ලක් වන බවත් ශ්‍රී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පවසනවා.

හෙට (08) දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අද (07) පෙරවරු 09 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වමින් දෙහිදෙණිය මහතා මේ බව කියා සිටියා.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ජාතික කාන්තා කොමිසමක් පිහිටුවීම , කාන්තා අයිතිවාසිකම් සුරැකීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ කරුණු සලකා බැලිය යුතු බව ද මෙහිදී ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති වට මේස සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.

ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ෆර්ෂානා ජමිල් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කාන්තාවන් සහ ගැහැණු ළමුන් වෙනුවෙන් පවතින ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව අදහස් දැක්වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කාන්තා සංවිධාන නියෝජිතවරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?