සීසන් පාසල් සිසුන් මග හලා ගිය කොන්දොස්තරට වැඩ වරදියි

ගිනිගත්හේන සිට හැටන් දක්වා ඊයේ (06) පස්වරුවේ ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයකට නැඟි පාසල් ළමුන් පිරිසක් යළි එම බස් රථයෙන් බැස්ස වූ බව කියන කොන්දොස්තරවරයෙකුට එරෙහිව විමර්ෂණයක් සිදුකරන බව හැටන් ලංගම ඩිපෝවේ බලධාරීන් පවසනවා.

පාසල් නිමවිමෙන් අනතුරුව ගිනිගත්හේන නගරයේ පැවති බාහිර පන්තියකට සහභාගි වී නිවෙස් කරා යාමට ගිනිගත්හේන, කඩවල දක්වා වාර ප්‍රවේශපත්‍ර අතතිව ගමන් කිරීමට එම ලංගම බස් රථයට නැඟි ළමුන් පිරිස එම බස් රථයෙන් කොන්දොස්තරවරයා විසින් බස්සවන අයුරු එහි සිටි මගියෙකු විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

ගිනිගත්හේන සිට හැටන් දක්වා කෙටිදුර ධාවනය වන එම බස් රථය වාර ප්‍රවේශපත්‍ර අතතිව සිටින කිසිඳු පාසල් සිසුවෙකු ප්‍රවාහනය නොකරන බවත්, හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වාර ප්‍රවේශපත්‍ර මඟින් ගමන් කරන පාසල් ළමුන් සහ මගීන්ව බස් රථවලට නංවා නොගන්නා බවයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

මේ අතර පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බිමල් රත්නායකගේ සභාපතිත්වයෙන් 2025.02.28 දින පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22