පෙබරවාරි මස 06 වැනි දින සිට ඇල්පිටිය පොලිස් වසමේ දෙමටගහකන්ද, නවදගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු අතුරුදන් බවට පෙබරවාරි 14 වන දින එම පුද්ගලයාගේ බිරිඳ විසින් ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයාගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මෙම අතුරුදන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට දමා පස් දමා වසා තිබිය දී ඊයේ (06) දින පොලිසිය විසින් සොයාගනු ලැබූ බවයි.
අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියයාම හේතුවෙන් ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමඟ එක් ව මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දි අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඉඩමේ හිමිකරු හා ඔහුට සහාය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 46 වයස්වල පසු වන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.