රජයේ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු හැටේදී 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ගොනුකොට තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් සිල්වා සහ සම්පත් අභයකොන් යන විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලුණා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය හෙද සේවයට අයත් විශේෂ ශ්‍රේණිය, හෙද ශ්‍රේණිය -01 සහ විධායක ශ්‍රේණියට අයත් හෙද හෙදියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගයෙන් අගතියට පත් නීතිපතිවරයා විසින් එම අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළා.

ඒ අනුව එම අභියාචනය අද සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බව පැවසූවා.

එම නිසා අදාළ අතුරු තහනම් නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම අභියාචන පෙත්සම විභාගය අවසන් වන තෙක් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම අභියාචන පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ලතා ද සොයිසා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රුවන්ත කුරේ මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද ආබෲ මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05