Empty Ad
AFC Banner
Empty Ad

කළු ගඟේ පාවී ආවේ දින කිහිපයකට පෙර අතුරුදන් වූ තරුණිය දැයි සැකයක්

බුලත්සිංහල – දෙනිකඩේ මාර්ගයේ ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කළු ගඟේ පාවී ආ නාඳුනන මළසිරුරක් හමු වූ බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පවසන පරිදි ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුව පොලිසිය නාඳුනන මළසිරුර ගැන විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙය කාන්තා මළසිරුරක් බවට සැක කරන අතර මීට දින කිහිපයකට උඩ දී ඉංගිරිය පොලිස් වසමෙන් අතුරුදන් වූ තරුණියකගේ මළසිරුරක් බවට පොලිසිය සැක කරනවා.

ඔවුන්ගේ ඥාතීන් ද සිරුර තිබූ ස්ථානයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සිරුර පිහිටි ස්ථානය ඉතාමත් දුෂ්කර ස්ථානයක් වන බැවින් සිරුර එම ප්‍රදේශයෙන් ගොඩ ගැනීම අසීරු වීම මත හොරණ පොලිස් වසමේ වගවත්ත ප්‍රදේශයෙන් එය ගොඩ ගැනීම සඳහා කටයුතු සූදානම් කරන බවයි බුලත්සිංහල පොලිසිය සඳහන් කර සිටියේ.

සිරුර ගොඩ ගැනීමෙන් පසු හඳුනාගැනීම සහ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?