රාජකාරියේ යෙදී සිටියදී මත්ද්‍රව්‍ය පානය කළ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

බඩෝවිට පොලිස් මුරපොළේ රාජකාරියේ යෙදී සිටියදී මත්ද්‍රව්‍ය භාවිතා කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පිළියන්දල පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙක්.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 04 දින ඉහත මුරපොළේ රාජකාරිය සඳහා යොදවා සිටියදී, මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයාට ඇති වූ සැකයක් හේතුවෙන්, කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන තිබෙනවා.

එහිදී කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

පොලිස් නිලධාරියකු වශයෙන් සිට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාව යටතේ ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සැකකාර පොලිස් කොස්තතාපල්වරයාගේ වැඩහනම් කර තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15