ඊයේ (05) රාත්‍රී කාලයේ පිටකොටුව පොලිස් වසමේ බංගසාල වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවට පිටකොටුව පොලිසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පිටකොටුව පොලිසිය, ගිනි නිවීමේ නිලධාරීන්, ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.
ගින්නෙන් දේපළ හානි පමණක් සිදු ව ඇති අතර ජීවිත හානි සිදු ව නැහැ.
පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.













