ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද (04) උදෑසන එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේ දී පත්වෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවත් පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද IMF සඳහන් කරනවා.
මේ අතර ආසියාව සහ IMF අතර පවතින සහයෝගීතාව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වුණා.
මෙම සාකච්ඡාව අද සහ හෙට (05) යන දෙදින හි දී පැවැත්වෙනු ඇති.
පසුගිය දශකය තුළ ගෝලීය වර්ධනය සඳහා වූ එන්ජිම සහ නවෝත්පාදන බලාගාරය වන ආසියාව, ශක්තිමත් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක් සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලයකට දායක වීමට උපකාරී වී තිබෙනවා.
මෙම සමුළුව ආසියාව සහ IMF සඳහා ශක්තිමත් සහ වඩාත් ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රමුඛතා ගවේෂණය කරනු ඇති අතර, IMF කලාපයට කෙතරම් හොඳින් සේවය කළ හැකිද යන්න පිළිබඳව ආසියානු නායකයින්ගෙන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් විමසීම බලාපොරොත්තු වන සාකච්ඡාවක් වනු ඇති.