මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේ දී පුද්ගලයෙකුට පහරදීමෙන් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.
ඊයේ (03) රාත්‍රියේ දී මෙම ඝාතනය සිදු ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පේසාලෙයි, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු එළවළු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු වන අතර තවත් පිරිසක් සමඟ සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදු කරන ලද පහරදීමකින් මෙම ඝාතනය සිදු ව ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 22, 24, 28 හා 50 ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1