ප්‍රබල අකුණු සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ නිකුත් කර ඇති එම අවවාදාත්මක නිවේදනය අද (02) රාත්‍රී 9.30 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිවේදනයේ දැක්වෙන පරිදි බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.