ගාසා තීරයට ලැබෙන සියලු මානුෂීය ආධාර ඊශ්‍රායලය නවතා දමයි

ගාසා තීරයට ඇතුළු වන සියලුම භාණ්ඩ හා සැපයුම් නවත්වන බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

සටන් විරාමයේ පළමු අදියර අවසන් වීමෙන් පසු ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරයට ආධාර ඇතුළුවීම අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සටන් විරාමය දෙවන අදියර දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසු ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරයට සියලු මානුෂීය ආධාර ලබාදීම නවතා දමා ඇති බවයි.

රාමසාන් සහ පාස්කු සමය පුරාම ගාසා තීරයේ සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය ලත් යෝජනාවක් සම්මත කරන බව මිට පෙර ඊශ්‍රායලය නිවේදනය කළා.

රාමසාන් මාසය සඳහා උපවාසයේ පළමු දිනය සනිටුහන් කරමින් ගාසා තීරයේ පලස්තීනුවන් පවසන්නේ යුද්ධයක් නැවත පැමිණීම ගැන බිය වන බවයි.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊශ්‍රායල යුද්ධයේදී පලස්තීන මරණ 48,388ක් තහවුරු කර තිබෙනවා.

පුද්ගලයින් 111,803ක් තුවාල ලබා ඇති අතර සුන්බුන් යට අතුරුදහන් වූ පලස්තීනුවන් දහස් ගණනක් මිය ගොස් ඇති බවට අනුමාන කරනවා.

2023 ඔක්තෝබර් 7 වන දින ඇරඹු හමාස් ප්‍රහාරවලදී ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 දෙනෙකු මිය ගිය අතර, 200 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16