Empty Ad
AFC Banner
Empty Ad

ගාසා තීරයට ලැබෙන සියලු මානුෂීය ආධාර ඊශ්‍රායලය නවතා දමයි

ගාසා තීරයට ඇතුළු වන සියලුම භාණ්ඩ හා සැපයුම් නවත්වන බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

සටන් විරාමයේ පළමු අදියර අවසන් වීමෙන් පසු ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරයට ආධාර ඇතුළුවීම අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සටන් විරාමය දෙවන අදියර දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසු ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරයට සියලු මානුෂීය ආධාර ලබාදීම නවතා දමා ඇති බවයි.

රාමසාන් සහ පාස්කු සමය පුරාම ගාසා තීරයේ සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය ලත් යෝජනාවක් සම්මත කරන බව මිට පෙර ඊශ්‍රායලය නිවේදනය කළා.

රාමසාන් මාසය සඳහා උපවාසයේ පළමු දිනය සනිටුහන් කරමින් ගාසා තීරයේ පලස්තීනුවන් පවසන්නේ යුද්ධයක් නැවත පැමිණීම ගැන බිය වන බවයි.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊශ්‍රායල යුද්ධයේදී පලස්තීන මරණ 48,388ක් තහවුරු කර තිබෙනවා.

පුද්ගලයින් 111,803ක් තුවාල ලබා ඇති අතර සුන්බුන් යට අතුරුදහන් වූ පලස්තීනුවන් දහස් ගණනක් මිය ගොස් ඇති බවට අනුමාන කරනවා.

2023 ඔක්තෝබර් 7 වන දින ඇරඹු හමාස් ප්‍රහාරවලදී ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 දෙනෙකු මිය ගිය අතර, 200 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?