Update – වෙඩි වරුසාවකින් පසු කඩුවෙල දී ඇල්ලූ ලොරි රථ කොල්ලයේ තවත් තොරතුරු එළියට (වීඩියෝ)

වත්තල ප්‍රදේශයේ දී පැහැරගෙන යමින් තිබූ ලොරි රථයකට පොලිසිය විසින් වෙඩි තබා නවතාගෙන එම රථය පැහැරගත් සැකකරු අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අසල දී ලොරියට වෙඩි තබා එය නතර කර ගැනීමට පොලිසියට හැකිව ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී අත් බෝම්බයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළඳසැලක් සඳහා එළවළු පටවා ගෙන එන අතර තුර; වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල රථය නවතා එහි රියදුරු තේ පානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පුද්ගලයෙක් විසින් ලොරි රථය පැහැරගෙන ඇති අතර, ලොරි රථයේ රියදුරු විසින් ත්‍රීරෝද රථයකින් ලොරි රථය පිටුපස හඹා ගියද එය අල්ලා ගැනීමට හැකියාව ලැබී නැහැ.

ඒ අනුව සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ලොරි රථයේ සවිකර ඇති GPS උපකරණයෙන් රථය ගමන් ගන්නා මාර්ගය පිළිබඳව දැනුවත් කිරීමටයි එහි හිමිකරුවන් කටයුතු කර ඇත්තේ.

ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාළ ලොරි රථය නැවැත්වීමට පොලිසිය උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ වී ඇති අතර, පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේ දී පොලිස් කණ්ඩායම කිහිපයක් රථය පසුපස හඹා ගොස් තිබෙනවා.

එහිදී තලාහේන ප්‍රදේශයේ දී සහ කඩුවෙල ප්‍රදේශයේ දී වෙඩි පහර කිහිපයක් ලොරි රථයට එල්ල කර ඇති අතර, මෝටර් රථ දෙකක් බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ද අනතුරට ලක්කර ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි කරමින් ලොරි රථය පලා ගිය බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව කඩුවෙල නගරයේදී වෙනත් ලොරි රථ යොදා ගනිමින් මාර්ගය හරස් කර බාධක යොදා තිබූ අවස්ථාවේදී, ලොරි රථය එම ස්ථානයෙන් නැවත හැරී යාමට සැරසුණු අවස්ථාවේ දී පොලිසිය විසින් වෙඩි පහර තිහකට ආසන්න ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.

ඒ, අනුව රථය නවතා ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇති අතර, කඩුවෙල අධිකරණය අසල දී රථය දමා සැකකරු පළායන අවස්ථාවේ දී ඔහුව අල්ගිලා ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය තියාරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි මොහොමඩ් ආදිල් බාවන් නැමැති පුද්ගලයෙක්.

සැකකරු අද (01) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47