ධවල මන්දිරේට ආ යුක්‍රේන ජනපතිට ට්‍රම්ප් හොඳටම දොස් කියලා

යුක්‍රේනයේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තැබීමට ධවල මන්දිරයට පැමිණ තිබෙනවා.

එහිදී යුක්‍රේනයේ ජනාධිපතිවරයාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ ඔවුන් දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම විශේෂ සාකච්ඡාව සඳහා එකසත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද එක්ව සිටි බවයි.

කෙසේ වෙතත් නායකයින් තිදෙනා අතර පැවති මෙම සාකච්ඡාව ටික වෙලාවකට පාඩු උණුසුම් සංවාදයක් බවට පත්ව තිබෙනවා.

ඒ, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බව පවසා සිටීමත් සමඟයි.

එහිදී ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ යුක්‍රේනය මේ වනවිට ඉතා අවදානම් තත්ත්වයක පවතින බවත්, ඒ අනුව රුසියාව සමඟ සාමය පිළිබඳව සම්මුතියකට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සම්මුතියක් නොතිබිය යුතු බවයි සෙලෙන්ස්කි එහිදී පවසා ඇත්තේ.

සෙලෙන්ස්කි තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තද, මට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නැතැයි කියමින්, ට්‍රම්ප්, සෙලෙන්ස්කී කී කිසිවකට ඇහුම්කන් දීමට ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත් රටවල් දෙක අපේක්ෂා කළ ඛනිජ ගිවිසුමක් අත්සන් නොකළ අතර; සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස දැනුම් දී තිබෙනවා.

සෙලෙන්ස්කි තමන්ටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත් අගෞරව කළේ යැයි ට්‍රම්ප් ඔහුට දොස් නගා ඇති බවට ද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56