ඉන්ධන බෙදුම්කරුවන්ට හිමි වූ 3%ක වට්ටම අහෝසි

ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබාගන්නා 3%ක වට්ටම් මුදල අහෝසි කරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පවසනවා.

අද දිනයේ මධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව හෙට (01) දිනයේ නව සමීකරණයකට අනුව ඉන්ධන බෙදුම්කරුවන්ට ගෙවීම් සිදුකරන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මෙතෙක් කලක් ඉන්ධන බෙදුම්කරුවන් ලබාගත් 3%ක මුදල අනීතික බව ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව පසුගිය කාලයේ දී වැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීම හේතුවෙන් බිලියන 34.5ක මුදලක් වැඩිපුර බෙදුම්කරුවන්ට ගෙවා ඇති බව ද ඔහු අනාවරණය කළා.

බෙදුම්කරුවන් සඳහා අධික ලාභයක් ලබාදෙනවා වෙනුවට සාධාරණ ලාභයක් නව ක්‍රමවේදය ඔස්සේ හිමිවන බවද සභාපතිවරයා පැවසුවා.

මේ අතර මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහන නළයක් එලීමට සැලසුම්කර ඇති බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

  1. කතාව මේකයි. 3% ගෙව්වේ තෙල් මිල රුපියල් එකසිය ගනන්වල තියෙද්දි. වත්මන් මිල මා සැසදිමේදි ඒ ගනන වැඩි වගේ පෙනෙනවා. නමුත් ප්‍රග්ධන මුල්‍ය ගැන කල්පනාකලොත් බැංකු අයිරා වෙනුවෙන් 1.5% ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙයුම් ලාභයෙන් අඩක්. අනික පිරවුම්හල් බොහොමයක් තියෙන්නේ ප්‍රධාන පාරවල් අයිනේ නගර මධ්‍යයේ. මේ ඉඩම්වල වටිනාකම අධිකයි. සුපර් මාකට් කාරයෙකුට බදු දුන්නත් ෂෙඩ් කෙරැවාවට වඩා ලාබයි ලේසියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26