Empty Ad
AFC Banner
Empty Ad

අමෙරිකාවට එන චීන නැව්වලට ලොකු ගාස්තුවක්

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය විසින් එක්සත් ජනපද වරායට ඇතුළු වන චීනය විසින් සාදන ලද යාත්‍රා සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.5 දක්වා ගාස්තුවක් අය කිරීමට යෝජනා කරනු ලැබ තිබෙනවා.

ගෝලීය නැව් තැනීම, සමුද්‍රීය සහ සැපයුම් අංශයන්හි චීනයේ වැඩෙන ආධිපත්‍යය පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස මෙම යෝජනාව සිදුකර තිබෙනවා.

හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී මෙම විමර්ශනය ආරම්භ කළා.

දැවැන්ත රාජ්‍ය සහනාධාර සහ ජාත්‍යන්තර තරගකාරී සමාගම්වලට සමාන අවස්ථා නොලැබෙන රජය සතු ව්‍යවසායන් සඳහා විශේෂ කොට සැලකීම හේතුවෙන් චීනය ගෝලීය නැව් තැනීමේ කර්මාන්තයේ සිය කොටස 2023 වන විට සියයට 50ක් දක්වා වැඩි කර ගෙන ඇතැයි අදාළ වාර්තාවේ සඳහන්.

චීනය 1999 දී ගෝලීය නැව් කර්මාන්තයේ හිමි කරගෙන තිබුණේ සියයට 5ක ඉතා කුඩා ප්‍රතිශතයක්.

අදාළ වාර්තාවට අනුව එක්සත් ජනපදය 1975 දී නැව් 70 ක් ගොඩනඟා ඇති නමුත් අද වාර්ෂික නිමැවුම නැව් පහක් පමණක් බව ඒජන්සිය පෙන්වා දෙනවා.

පෙබරවාරි 21 දින ප්‍රකාශයට පත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටර් දැන්වීමක, USTR එහි යෝජිත ගාස්තු සහ අනෙකුත් නැව්ගත කිරීමේ සීමාවන් විස්තර කර තිබෙනවා.

ඒජන්සිය විසින් ප්‍රතිකර්ම පිළිබඳ මහජන සාක්ෂි විමසීමක් මාර්තු 24 දිනට නියම කර ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
BREAKING NEWS 🔴ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
09:01
Video thumbnail
YOU TUBE චණ්ඩියෙක් දාපු පැමිණිල්ලකට ඉරාජ් පොලිසියට
05:59
Video thumbnail
ජාතික පාසලක ලොගු මගඩියක් - නම් ගම් සියල්ල හෙට එළියට - මෙන්න පැටිකිරිය එළියට
11:49
Video thumbnail
ආණ්ඩුවෙන් එළියට දාපු අලුත්ම ලිස්ට් එක #live #dasathanews #dasathamidnewstoday
01:00
Video thumbnail
මොනවද මේ කුණුහරුප වැඩ - පොල් ගෙඩියක් රු.300ටත් කිට්ටුයි - අසේල සම්පත් ආණ්ඩුව හාන්සි කරවයි
12:38
Video thumbnail
අගමැති හරිනි අලුත්ම ලිස්ට් එකක් එළියට දායි - ලිස්ට් එකේ කොනක අනුරගේ නමත්
08:54
Video thumbnail
විමල් ආණ්ඩුවට උණ ගැනෙන්නම දෙසයි #wimalweerawansa
11:28
Video thumbnail
ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හදීසියේ හමුවක්
01:24
Video thumbnail
ගම්මන්පිල අදත් ආණ්ඩුවට හිසරදයක් දෙයි
06:42

?