Empty Ad
AFC Banner
Empty Ad

උස්වැටකෙයියාව පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අයිස් සමග දැලේ

පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 21 වන දා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඊට අදාළ විමර්ශන කටයුතු පමුණුගම පොලිසිය විසින් සිදු කරනු ලැබුවා.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රියේ දී රාගම – වල්පොල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත් අඩංගුවට ගැනුණු අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් හා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන තැනැත්තෙක්.

ඊයේ දිනයේ දී ද මෙම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?