උස්වැටකෙයියාව පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අයිස් සමග දැලේ

පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 21 වන දා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඊට අදාළ විමර්ශන කටයුතු පමුණුගම පොලිසිය විසින් සිදු කරනු ලැබුවා.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රියේ දී රාගම – වල්පොල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත් අඩංගුවට ගැනුණු අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් හා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන තැනැත්තෙක්.

ඊයේ දිනයේ දී ද මෙම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32