ඉන්දියාව සහ එක්සත් රාජධානිය රටවල් දෙක අතර නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) සඳහා නැවත සාකච්ඡා ආරම්භ කර ඇති බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය සඳුදා (24) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ දිල්ලියේ සංචාරයක නිරත එක්සත් රාජධානියේ වෙළෙඳ ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.
අන්‍යෝන්‍ය වර්ධනයක් ලබා දෙන සහ අනුපූරක ආර්ථිකයන් දෙකක ශක්තීන් මත ගොඩනැගෙන සමබර, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ඉදිරි දැක්මක් සහිත ගනුදෙනුවක් සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව එහි සඳහන් වනවා.
දෙරටේ ජනතාවගේ වෙළඳාම, ආයෝජන සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා වන සාමූහික අභිලාෂයන් සපුරාලීම සඳහා ජාතීන් දෙකට වේගවත් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ගෝයල් විශ්වාසය පළ කළා.
2024 නොවැම්බරයේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති ජී 20 සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් හමුවීමෙන් පසුව, වෙළඳ සාකච්ඡා ඉක්මනින් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.