ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා ඇරඹේ

ඉන්දියාව සහ එක්සත් රාජධානිය රටවල් දෙක අතර නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) සඳහා නැවත සාකච්ඡා ආරම්භ කර ඇති බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය සඳුදා (24) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ දිල්ලියේ සංචාරයක නිරත එක්සත් රාජධානියේ වෙළෙඳ ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

අන්‍යෝන්‍ය වර්ධනයක් ලබා දෙන සහ අනුපූරක ආර්ථිකයන් දෙකක ශක්තීන් මත ගොඩනැගෙන සමබර, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ඉදිරි දැක්මක් සහිත ගනුදෙනුවක් සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව එහි සඳහන් වනවා.

දෙරටේ ජනතාවගේ වෙළඳාම, ආයෝජන සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා වන සාමූහික අභිලාෂයන් සපුරාලීම සඳහා ජාතීන් දෙකට වේගවත් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ගෝයල් විශ්වාසය පළ කළා.

2024 නොවැම්බරයේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති ජී 20 සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් හමුවීමෙන් පසුව, වෙළඳ සාකච්ඡා ඉක්මනින් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55