විපක්ෂයේ මන්ත්‍රීලාගේ ආරක්ෂාව ගැන සාකච්ඡාවක්

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඔහුගේ සභාපතිත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මූලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බල පත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

.එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ වෙනුවෙන් සිදුකරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පළ කළා.

තවද ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබාගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාලවල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධව කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඒ, අනුව එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මේ වන විට මන්ත්‍රීවරුන්ට පවතින තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

එම තක්සේරු වාර්තා ලැබීමෙන් පසු අදාළ මන්ත්‍රීවරයන්ට ආරක්ෂාව අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

එමෙන්ම පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය හා එය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසහටන් පිළිබඳව ද කාරක සභාව තුළ සාකච්ඡා කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පතිවරයා; ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මූලික කරගෙන මෙ‍ලෙස පාතාල ක්‍රියාකාරකම් මතුව ඇති බව පෙන්වා දුන්නා.

විදේශයන් හි සිට මෙලෙස මෙහෙයවන මෙම පාතාල ක්‍රියාකාරකම් සිදු කරන පිරිස් හඳුනාගෙන,ඔවුන් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය කටයුතු කෙරෙන බව වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ආවධාරණය කළා.

මෙම රැස්වීමට සහභාගී වූ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගේ වැටුප් මෙවර අය වැය යෝජනා ඔස්සේ අඩුවීමක් වන බවට කරුණු ඉදිරිපත් වී ඇති බව පැවසුවා.

ඊට පිළිතුරු ලබා දුන් සභාපතිවරයා ප්‍රතිශතාත්මකව අය වැය තුළ යම් යම් වැටුප් අඩු වීම පෙන්නුම් කළ ද කිසිම නිලධාරියෙකුගේ වැටුප් අඩුවීමක් සිදු නොවන බවත්, අනිවාර්යයෙන් වැටුප් වැඩිවීමක් පමණක් සිදුවන බවත් අවධාරණය කළා.

තවද රාජ්‍ය නොවන සංවිධාන මගින් මුදල් යොදවා සිදුකරන ව්‍යාපෘති විධිමත් නියාමනයක් සහිතව සිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද කාරක සභාවේ අවධානයට යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56