AFC Banner
Empty Ad

අලුත් අවුරුද්දෙන් පසු දළඳා ප්‍රදර්ශනයක්

මෙම වසර තුළ දී දළඳා ප්‍රදර්ශනයක් සඳහා රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් අද දිනයේ ඒ සඳහාවන ඉල්ලීම සිදුකළ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ, අනුව එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව මෙම දළඳා ප්‍රදර්ශනය පවත්වන බවයි අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා සදහන් කළේ.

ආණ්ඩුකාරවරයා, දිසාපතිවරයා, දියවඩන නිළමේවරයා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීතත්වයෙන් එම ඉදිරි වැඩකටයුතු සංවිධානය සඳහා එකඟතත්වයකට පැමිණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙලෙස දළඳා ප්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර 16කට පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?