කොළඹ – අලුත්කඩේ උසාවි භූමිය තුළ අද (19) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.
‘ගනේමුල්ල සංජීව’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාට මෙම වෙඩි ප්‍රහාරය එල්ල ව තිබෙන අතර; සැකකරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව සිටියදියි වෙඩි ප්‍රහාරයට ඔහු ගොදුරු ව ඇත්තේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකාර ගනේමුල්ල සංජීව මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහුගේ තත්ත්වය අසාධ්‍යය වන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
2
+1
+1
+1