මිද්දෙණියේ සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් පියා හා දියණිය මරුට

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (18) රාත්‍රී 10.15ට පමණ මෙම වෙඩි තැබීමට ලක් ව ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට බවයි.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරුගේ සය හැවිරිදි දැරිය සහ පුතු රෝහල්ගත කෙරුණ ද, දැරිය අද (19) අලුයම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පුතු මේ වනවිටත් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මරණකරුවන් ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩි තැබීම සඳහා ටී56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?