මිද්දෙණියේ සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් පියා හා දියණිය මරුට

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (18) රාත්‍රී 10.15ට පමණ මෙම වෙඩි තැබීමට ලක් ව ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට බවයි.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරුගේ සය හැවිරිදි දැරිය සහ පුතු රෝහල්ගත කෙරුණ ද, දැරිය අද (19) අලුයම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පුතු මේ වනවිටත් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මරණකරුවන් ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩි තැබීම සඳහා ටී56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18