අද (17) අලුයම ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
ඉන්දීය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන් වූ බවයි.
අලුයම 5:36ට පමණ සිදු වූ මෙම භූ කම්පනයේ; කම්පනය උතුරු ඉන්දියාව පුරා දැනුණු බවත් එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කරනවා.
නිලධාරීන් තහවුරු කළේ මෙම භූකම්පනයෙන් කිසිදු පුද්ගල හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1